කොළඹ ඇළ මාර්ග


ඔරුගොඩවත්ත හන්දියේ දී බේස්ලයින් පාර යටින් ගමන් ගන්නා දෙමටගොඩ ඇළ මාර්ගය තවත් කිලෝමීටර් 3ක් පමණ ගිනිකොණ දෙසට විහිදී යනවා. ඩෙනිම් කලිසමකින් සැරසුන තරුණයෙක් දිගු දණ්ඩක් ද අතින් ගෙන තමාට ඉහළින් පිහිටි පාලමට අඩි කිහිපයක් නැගෙනහිරින් ඇළ මාර්ගය දිගේ පාරුවකින් පහළට ගමන් කරමින් සිටිනවා. මඳක් නැවතුන ඔහු අඩි තුනක් පමණ දිගකින් යුතු වල් පැළැටියක් සහ දුගඳ හමන, රොන් මඩවලින් වැසී ඇති ප්ලාස්ටික් පාසල් බෑගයක් ඇළ තුළින් පිටතට ගත්තා. ඉන් පසුව ඉවතට ආවේ වැසිකිළි බුරුසුවක්. වරින් වර ප්ලාස්ටික් බෝතල්, බියර් කෑන්, සෙරෙප්පු වැනි වෙනත් වස්තූන් රැසක් ද පිටතට ගැනුනා.
ආසන්න වශයෙන් කොළඹ ඇළ මාර්ග ජාලයෙන් වාර්ෂිකව අපද්‍රව්‍ය ටොන් 5,000ක් පමණ ඉවතට ගනු ලැබේ මෙම දර්ශනය කොළඹ සහ ඒ අවට ස්ථානයන් ගණනාවක දක්නට ලැබෙනවා. සෑම දිනකම, කොළඹ නගරයේ ඇළ පිරිසිදු කරන්නන් විසින් කිලෝමීටර් 100ක් තුළ විහිදුණු ප්‍රධාන හා කුඩා පරිමාණයේ කෘත්‍රිම ජල මාර්ගයන්ගෙන් කුණු ටොන් 20ක් පමණ ඉවත් කරනවා. ප්ලාස්ටික්, ජපන් ජබර ශාක, සහ රොන්මඩ එම අපද්‍රව්‍යවලට අයත්. වසරකට මෙසේ ඉවත්වන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 5,000ක්. අපද්‍රව්‍ය එක් රැස් වීම ජල මාර්ගවලට තර්ජනයක් වන එකම ගැටළුව නොවේ. කොළඹ සමහර ප්‍රදේශවල වැසි ජලය සමග අපද්‍රව්‍ය පැමිණීම සිදු වන අතර තවත් සමහරක් සමාගම් තම අපජලය හා තෙල් වර්ග පිටත ඇළ මාර්ගයන් වෙත මුදා හරිනවා. එමඟින් ජලජ ජීවින් මියයාම සහ ජලජ පරිසරවල ජෛව රසායනික සමතුලිතතාවයට දැඩි ලෙස හානි වීම ආදී වෙනස් කළ නොහැකි හානි රැසක් පරිසරයට සිදුවෙනවා. ජල මාර්ග නඩත්තු කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු මහජන අධිකාරිය වන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව එම වගකීම ඉටුකළ නොහැකි තත්ත්වයකට මුහුණ දී සිටිනවා. ශ්‍රම හිඟයක් ගැන නිළධාරීන් මැසිවිලි නගනවා. බොහෝ පිරිසිදු කරන්නන් අනියම් පදනමින් සේවයේ යොදවා ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කම්කරු අධීක්ෂකවරයකුගේ වචනවලින් කියතොත්, “ඔවුන් එම කාර්යයන් සිදු කරන්නේ ඔවුන්ට සිතෙන විටෙක පමණ යි”. කම්කරුවන්හට බොහෝ පහසුකම් ලැබෙන්නේ ද නැහැ. ඔවුන් දැවෙන උණුසුමේ වෙහෙස මහන්සි වී වැඩ කරන අතර, අවදානම් ලෙස ඇළ මාර්ගවල බෝට්ටු පැදවීම සහ බර එසවීම සිදු කරනු ලබනවා. අගය කිරීමක් සිදු නොවන එම රැකියාවට ඔවුන් පසුදා ආපසු පැමිණෙන්නට හෝ නොපැමිණෙන්නට පුළුවන්.
කෙසේ වෙතත්, කොළඹ නගරයේ ඇළ මාර්ග, විල්, ගංගා සහ මෝය ආශ්‍රිත විවෘත ජල මාර්ග පද්ධතියට අදට වඩා හොඳ කාලයක් තිබුණා. ලන්දේසි යටත් විජිත සමයේ මෙම මිරිදිය ජල මාර්ග රටේ ආර්ථික ක්‍රියාකාරකම්වල කොඳු ඇට පෙළ නිර්මාණය කළායැ යි කිව හැකියි.









- Roar

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ කඳු