මේ දිනවල පවතින අධික උෂ්ණත්වය

උෂ්ණත්වයට හේතුව එල්නීනෝ තත්ත්වයයි !
මේ කාලයේදී ලංකාවට ලැබිය යුතුව ඇත්තේ ඊසානදිග මෝසම් සුළං වුවත්, ලංකාවට නැගෙනහිර පැත්තෙන් පැසිෆික් සාගරයේ පවතින එල්නීනෝ (El Niño) තත්ත්වය නිසා ඊසානදිග මෝසම් සුළං දුර්වලවී නැගෙනහිරින් රට තුළට උණුසුම්වායු ගාලාඒම සිදුව ඇතැයි ද ඒමගින් මේ දැඩි උණුසුම හටගෙන ඇති බවද ඔහු කියා සිටියේය.
විජලනය තත්ත්වයන් ඇතිවිය හැකියි
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ හෘදයට සහ මොළයට විවිධ බලපෑම් එල්ල විය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
විජලනය හේතුවෙන් මෙම තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් හැකි පමණ ජලය පානය කිරීමට දරුවන් උනන්දු කරවන්නැයිද තද හිරු රශ්මියේ බොහෝ වේලාවක් රැඳීමට ඉඩ ලබා නොදෙන්නැයිද හෙතෙම දෙමාපියන්ට දැනුම්දේ.
දිනකට දරුවෙකුට අවම වශයෙන් විනාඩි 20ක් හෝ ජලයේ රැඳී සිටීමට ඉඩ ලබා දෙන ලෙසද දිනපතා දරුවන් නෑවීමට කටයුතු කරන්නැයිද එමගින් සමේ ඇතිවිය හැකි ආසාදන තත්ත්වයන් වළක්වා ගත හැකි බවද වෛද්‍යවරයා පෙන්වාදේ.
අධික රස්නය උරා ගන්නා ඇඳුම් වෙනුවට කපු මිශ්‍ර සැහැල්ලු ඇඳුම්වලට දරුවන් යොමු කිරීම මගින්ද සමේ ඇතිවිය හැකි දහඩිය ගඩු වැනි සමේ ආසාදනයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගත හැකි බවද හෙතෙම සඳහන් කරයි.
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන් අතර චර්ම රෝගයක් ව්‍යප්ත වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.ළමුන්ට දිනකට ජලය ලීටරයක් පමණ පානය කිරීමට ලබාදිය යුතු බවයි වෛද්‍යවරුන්ගේ මතයවී තිබෙන්නේ.
වියළි කාලගුණය බක්මහෙන් අවසන්
දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණික තත්ත්වය අප්‍රේල් මාසයේ මැද භාගය වන විට සමනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එහි අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා පැවසුවේ පැසිපික් සාගරයේ පවතින එල්නිනෝ තත්ත්වය ද උෂ්ණත්වය ඉහළයාමට බලපා ඇති බවයි.
අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන්න
මේ අතර මෙම කාලගුණ තත්ත්වය යටතේ යල කන්නයේ වගා කටයුතු සඳහා අරපිරිමැස්මෙන් ජලය භාවිත කළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ හා පුහුණු අධ්‍යක්ෂ මෝහන රාජා මහතා පවසයි.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ කඳු