දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානය - සාර්ක් (SAARC)


දකුණු ආසියාතික භූගෝලීය කලාපය මුල් කොට ගෙන ඇති වූ කලාපීය සංවිධානය ‍සාර්ක් සංවිධානයයි.ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුණු SOUTH ASIAN ASSOCIATION FOR REGIONAL CO-OPERATION යන සංවිධාන නාමය කෙටි නාමයක් ලෙස SAARC යනුවෙන් හැඳින්වේ.බ්‍රිතාන්‍යය යටත්විජිතවාදයෙන් නිදහස ලබා ගත් දකුණු ආසියාතික රටවල් හතක එකතුවෙන් සාර්ක් (SAARC)සංවිධානය හෙවත් දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානය බිහි විය.

ආරම්භය

සාර්ක් සංවිධානය ආරම්භ වුයේ 1985 දෙසැම්බර් 8 වනදාය. මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ බංගලාදේශයේ ජනාධිපතිවරයකුව සිටි උර් රහමන්තුමාය.1981 දී ශ්‍රී ලංකාවේ අගනුවර දී දකුණු ආසියානු රටවල වෙළඳ කටයුතු නංවාලීම සඳහා කලාපීය සංවිධානයක් පිහිටුවා ගැනීම මුල් කර ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් විය.වර්ෂ 1983 දී ඉන්දියාව,පාකිස්ථානය,ශ්‍රී ලංකාව යන රටවල නායකයෝ ඉන්දියාවේ නවදිල්ලි නුවරට රැස් වුහ.මෙහිදී දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ පදනම් ප්‍රකාශනය සකස් කෙරිණි.නේපාලය,මාලදිවයින,භූතානය,පාකිස්ථානය, ශ්‍රී ලංකාව,ඉන්දියාව හා බංගලාදේශය යන රටවල් සාර්ක් සංවිධානයේ ආරම්භක සාමාජිකයෝ වූහ.

අරමුණු

සාර්ක් සංවිධානයේ ප්‍රධාන අරමුණු පිළිබඳව සාර්ක් ප්‍රඥප්තියේ පළමු වගන්තියේ සඳහන් වේ.පූර්විකාවේ සාමන්‍යය අරමුණු දැක්වේ.

ප්‍රධාන අරමුණු


01 දකුණු ආසියාතික රටවල ජනතාවගේ ශුභ සිද්ධිය හා ජීවන තත්ත්වය නංවාලීම.
02 කලාපය තුළ ආර්ථික,සාමාජික හා සංස්කෘතික සංවර්ධනය වේගවත් කිරීම හා පුද්ගලයන්ගේ ගරුත්වය රැකෙන අයුරින් ජීවත්වීමට අවස්ථාව සලසා දීම.
03 දකුණු ආසියාතික රටවල් අතර සාමුහික ආත්ම විශ්වාසය(Self reliance) ප්‍රවර්ධනය හා ශක්තිමත් කිරීම.
04 අන්‍යෝන්‍ය විශ්වාසය ඇති කිරීම,එකිනෙකාගේ ප්‍රශ්න නිවැරදිව අගය කිරිම හා තේරුම් ගැනීමට දායක වීම.
05 ආර්ථික,සාමාජික හා සංස්කෘතික,තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍ෂේත්‍රයන්හි අන්‍යොනය උපකාරය හා සහයෝගිතාවය වර්ධනය
06 සංවර්ධනය වෙමින් පවත්නා සෙසු රටවල් සමඟ සහයෝගිතාවය වර්ධනය කිරීම.
07 පොදු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වේදිකාවන්හිදී ඔවුනොවුන් අතර සහයෝගිතාවය ශක්තිමත් කිරීම .
08 සාමාන්‍යය අපේක්ෂා හා අරමුණු සහිතව ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන සමඟ සහයෝගිව කටයුතු කිරීම.

සාමාන්‍ය අරමුණු


1 කලාපය තුළ සාමය,ස්ථාවරත්වය,මිත්‍රත්වය හා සංවර්ධනය වැ‍ඩි දියුණු කිරීම.
2 යහපත් අසල්වාසීන් වශයෙන් අර්ථවත් සහයෝගීතාවක් ගොඩ නැංවීම.
3 දේශපාලන හා ආර්ථික ක්‍රමයන් තුළ සහයෝගීතාවය වැඩි දියුණු කරන ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීම.
4 ආයතනික ව්‍යුහයක් තුළින් සහයෝගීතාවය වර්ධනය කිරීමේ අධිෂ්ඨානය තහවුරු කර ගැනීම.

ආයතනික ව්‍යුහය

සාර්ක් ප්‍රඥප්තියට අනුව සංවිධාන ව්‍යුහය ප්‍රධාන ආයතන පහකින් සමන්විතය. අමාත්‍ය මණ්ඩලය-එක් එක් සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගෙන් සමන්විතය.
  • ස්ථාවර කමිටු-සාමාජික රටවල විදේශ ලේකම්වරුන්ගෙන් සමන්විතය.
  • තාක්ෂණික කමිටු-ස්ථාවර කමිටුව විසින් පත් කරන නිළධාරීන්
  • ව්‍යාපෘති තමිටුව-ස්ථාවර කමිටුව පත් කරන නිළධාරීන්
  • මහලේකම් කාර්යාලය-මහලේකම්වරයෙකු යටතේ ක්‍රියාත්මක වේ.

සාමාජික රාජ්‍යයෝ

ශ්‍රී ලංකාව

  • නිල නාමය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
  • භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර් 65610
  • ජනගහනය 2010000
  • මුදල් - රුපියල
  • භාෂාව - සිංහල,දෙමළ,ඉංග්‍රීසි(සන්ධාන භාෂාව)
  • පිහිටීම - ඉන්දියන් සාගරයේ පිහිටි දුපතකි.උතුරින් ඉන්දියානු උපමහාද්වීපයෙන් වෙන් වී ඇත.ගිනිකොනින් අරාබි මුහුද හා නිරිත දෙසින් බෙංගාල බොක්ක වේ.
  • අගනුවර - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

ඉන්දියාව


  • නිල නාමය - ඉන්දීය ජනරජය
  • භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර් 3,287,590
  • ජනගහනය - 1,132,446,000
  • මුදල් - ඉන්දීය රුපියල්
  • භාෂාව - හින්දි හා ඉංග්‍රීසි
  • පිහිටීම - උතුරු දේශ සීමා‍වෙන් හිමාල කඳුවැටිය ,ඉන්දු හා බ්‍රහ්ම පුත්‍ර ගංගා නිම්න,ඝට් කඳු වළල්ල
  • අගනුවර - දිල්ලි

මාලදිවයින


  • නිල නාමය - මාලදිවයින් ජනරජය
  • භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර් 298
  • ජනගහනය - 350,000
  • මුදල් - රු‍ෆියා
  • භාෂාව - දිවෙහි,ඉංග්‍රීසි,අරාබි
  • පිහිටීම - ඉන්දියානු සාගරයේ පිහිටි දුපත් 1196කින් සෑදුණු රාජ්‍යයකි.ශ්‍රී ලංකාවේ සිට නිරිතදෙසින් පිහිටා ඇත.
  • අගනුවර - මාලේ

භූතානය


  • නිල නාමය - භූතාන රාජධානිය
  • භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර් 47000
  • ජනගහනය - 672,425
  • මුදල් - නගුල්ටුම් හා ඉන්දියානු රුපියල්
  • භාෂාව - ඩිසෙංඛා
  • පිහිටීම - දකුණු ආසියාවේ හිමාල කඳුකරයේ පිහිටි රටකි.ටිබෙටයෙන් හා ඉන්දියාවෙන් මායිව ඇත.
  • අගනුවර - තිම්පු

බංගලාදේශය


  • නිල නාමය - බංගලාදේශ ජනරජය
  • භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර් 147570
  • ජනගහනය - 150448340
  • මුදල් - ටකා
  • භාෂාව - බෙංගාලි,ඉංග්‍රීසි
  • පිහිටීම - දකුණු ආසියාවේ නැගෙනහිරින් පිහිටි රාජ්‍යයකි.ඉන්දියාව,මියන්මාරය,බෙංගාල බොක්ක මෙම රටට මායිම් වේ
  • අගනුවර - ඩකා

‍නේපාලය


  • නිල නාමය - නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය
  • භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර් 147181
  • ජනගහනය - 29519114
  • මුදල් - නේපාල රුපියල්
  • භාෂාව - නේපාලී, ටිබෙට් හා වෙනත්
  • පිහිටීම - මධ්‍යම ආසියාවේ හිමාලය කඳු වැටිය,ගංගානම් ගඟේ දකුණු නිම්නය.
  • අගනුවර - කත්මණ්ඩු

පාකිස්ථානය


  • නිල නාමය - පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය
  • භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර් 803940
  • ජනගහනය - 169300000
  • මුදල් - පාකිස්ථානු රුපියල්
  • භාෂාව - උර්දු,ඉංග්‍රීසි ,පැෂකෝ
  • පිහිටීම - මැද පෙරදිගටත් අරාබි මුහුදට හි ඕමාන් බොක්කටත් අයත් මුහුදු සීමාවන්ය.
  • අගනුවර - ඉස්ලාමාබාද්

ඇෆ්ගනීස්ථානය


සාර්ක් සංවිධානයේ අටවන සාමාජිකයා වන්නේ ඇෆ්ගනීස්ථානයයි.
  • නිල නාමය - ඇෆ්ගනීස්ථාන ඉස්ලාමීය ජනරජය
  • භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර්647500
  • ජනගහනය - 31889923
  • මුදල් - ඇෆ්ගනී
  • භාෂාව - පුෂ්තු හා ධාරි
  • පිහිටීම - දකුණු ආසියාවේ රාජ්‍යයකි.මැදපෙරදිගට ආසන්නයේ පිහිටා ඇත.
  • අගනුවර - කාබුල්

උපුටා ගැනීම - www.wikipedia.org

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ කඳු