Posts

Showing posts from January, 2019

ගෝලීයකරණය ?....

Image
උසස් පෙළ මානුෂ භූගෝල විද්‍යාවේ 11 ඒකය ඉගෙන ගන්න ඔයත් එන්න...  ගෝලීයකරණය ඒකකය ආරම්භ වුවා පමණි.. එන්න.. තාක්ෂණය මුසුකළ භූගෝල විද්‍යාව උගනින්න.. උසස් පෙළ 2019 අකුර - කුරුවිට (0776299837) ජගත් සපුමල්

The Best Teacher

Image

ශ්‍රී ලංකාවේ කඳු

Image
කඳු, ගස්වැල්, රූස්ස වනාන්තර, ගංගා, දිය ඇළි, සාගර, වන සතුන් සපිරි සොබා දහමක හිමිකාරිය වූ මිහිතලය සැබැවින්ම සුන්දරය. තෙරක් නොපෙනෙන මහා සාගරය මෙන්ම අහස සිඹින උස්කඳු කෙසේ නම් කවුරුන් විසින් නිර්මාණය කළේදැයි මිනිසුන් විස්මිත වූහ. ඒ නිසාම ඒවා පිළිබඳව විස්තර සෙවීමටත් ඔවුහු උනන්දු වූහ. විශේෂයෙන්ම කඳු නිර්මාණය පිළිබඳව භූ විද්‍යාඥයෝ බොහෝ කරුණු සොයා ගනු ලැබූහ. වසර ලක්ෂ ගණනක් තිස්සේ පොළොව අභ්‍යන්තරයේ සිදු වුණු නොයෙක් විපර්යාසයන්වල ප්‍රතිඵලයක් ‍වශයෙන් කඳු නිර්මාණය වූ බවත් මේවා තවදුරටත් පරීක්ෂා කිරීමෙන් පෘථිවියේ ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණු සොයා ගත හැකි බවත් ඔවුහු පවසති. ශ්‍රී ලංකාවේ පවතින භූ විෂමතා සැලකීමේදී කඳුවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී ලංකාවේ කඳු පන්ති මෙන්ම හුදකලා කඳුද බොහෝමයක් දැකිය හැකිය. මීට අවුරුදු මිලියන 180කට පමණ පෙර ඇන්ටාක්ටිකාවත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් යන ගොඩබිම් එකට යාවී පැවතුණි. පෘථිවියේ සිදුවන භූ කාරක ක්‍රියාවලියක ප්‍රථිපලයක් ලෙස ඇන්ටාක්ටිකාවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඉහළට තල්ලු වී යන්නට විය. එහිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව ‍යන ගොඩබිම් දෙකද එකිනෙකින් වෙන් වී ගියේය. මෙල

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානය - සාර්ක් (SAARC)

Image
දකුණු ආසියාතික භූගෝලීය කලාපය මුල් කොට ගෙන ඇති වූ කලාපීය සංවිධානය ‍සාර්ක් සංවිධානයයි.ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුණු SOUTH ASIAN ASSOCIATION FOR REGIONAL CO-OPERATION යන සංවිධාන නාමය කෙටි නාමයක් ලෙස SAARC යනුවෙන් හැඳින්වේ.බ්‍රිතාන්‍යය යටත්විජිතවාදයෙන් නිදහස ලබා ගත් දකුණු ආසියාතික රටවල් හතක එකතුවෙන් සාර්ක් (SAARC)සංවිධානය හෙවත් දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානය බිහි විය. ආරම්භය සාර්ක් සංවිධානය ආරම්භ වුයේ 1985 දෙසැම්බර් 8 වනදාය. මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ බංගලාදේශයේ ජනාධිපතිවරයකුව සිටි උර් රහමන්තුමාය.1981 දී ශ්‍රී ලංකාවේ අගනුවර දී දකුණු ආසියානු රටවල වෙළඳ කටයුතු නංවාලීම සඳහා කලාපීය සංවිධානයක් පිහිටුවා ගැනීම මුල් කර ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් විය.වර්ෂ 1983 දී ඉන්දියාව,පාකිස්ථානය,ශ්‍රී ලංකාව යන රටවල නායකයෝ ඉන්දියාවේ නවදිල්ලි නුවරට රැස් වුහ.මෙහිදී දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ පදනම් ප්‍රකාශනය සකස් කෙරිණි.නේපාලය,මාලදිවයින,භූතානය,පාකිස්ථානය, ශ්‍රී ලංකාව,ඉන්දියාව හා බංගලාදේශය යන රටවල් සාර්ක් සංවිධානයේ ආරම්භක සාමාජිකයෝ වූහ. අරමුණු සාර්ක් සංවිධානයේ ප්‍රධාන අරමුණු ප

රාවණ මහරජ..

Image
සිංහලේ (ශ්‍රී ලංකාවේ) රාජාවලියේ එන "මනු" රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ 03ක් ගැන ඉතිහාසයේ සඳහන් වේ. ඒවානම් තාරකා[වසර 10,000 කට පෙර], මහබලි[වසර 7,500කට පෙර], රාවණ [වසර 5,000- කට පෙර] යන ඒවාය. හෙළ යක්ඛ පරපුරේ රාවණ මහරජ පිලිබඳ තොරතුරු කොතෙකුත් කොත්මලේ, කූරගල, අනුරාධපුර, පොලොන්නරුව ආදී ප්‍රදේශයන්හි තවමත් පුරාවිද්‍යාවට හසු නොවූ හෝ නොකියවා අත්හරින ලද දහසකට අධික සෙල්ලිපි තුලින් සොයා ගත හැකිව තිබේ. එමෙන්ම මහාවංශයට වඩා පැරණි ලියවිල්ලක් වන "වර්ගපූර්නිකාව"නම් යක්ඛ ජනතාවට අයත් පුස්කොල පොතේ "ශ්‍රී රාවණ" අධිරාජයාගේ නාමය සඳහන් වන්නේ "කෞරාන මන්ඨක" ලෙසයි. එනම් "සියල්ල සම්පූර්ණ කල යකා" ලෙසයි.රාවණා යනු මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක්, අතිදක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් හා සුප්‍රසිද්ධ විණා වාදකයෙකු වශයෙන් හඳුනාගත හැකිය. දසිස් රාවණ (හිස් දහයක් ඇති) ලෙස ඇතැම් තැනෙක සඳහන් වන රාවණ මනා සේ ශිල්ප ප්‍රගුණ කල, අමරණීයත්වයට වරම් ලැබීම සඳහා හෙළයේ ගෝකන්න (ත්‍රිකුණාමලය) ප්‍රදේශයේ භාවනා යෝගීව මනස දියුණු කරගත් අධිරාජයෙකු වන අතර හෙළ රාජධානියෙන් එපිට රටවල් පව

ශ්‍රි ලංකාවේ නාගරීකරණය ආශ්‍රිත ගැටළු

Image
ලංකාවේ නාගරීකරණය ආශ්‍රිතව ප්‍රධාන ගැටළු කිහිපයක් හඳුනා ගැනීමට හැකි අතර ඵ්වා ආර්ථික, සාමාජීය හා පාරිසරික වශයෙන් ප්‍රධාන අංශ 03 ක් යටතේ ගොනුකල හැකිය. නාගරික ප්‍රදේශයක් තුල මෙම ගැටළු වෙන්කොට හඳුනා ගැනීමට නොහැකි වන්නේ ඵකකට ඵකක් බද්ධ වූ ගැටළු රාශියක් නාගරික ප්‍රදේශ තුල වර්ධනය වී ඇති බැවිනි. සමාජීය ගැටළු ජනාවාස ගැටළු- මන්දපෝෂණය ජල හා විදුලි පහසුකම් හිඟය ජාතිවාදය හා පන්තිභේදය සෞඛ්‍ය ගැටළු සංස්කෘතික පරිහානිය සමාජ පරිහානිය (අපරාධ/ මත්ද්‍රව්‍ය/ අවිආයුධ/ ළමා අපචාර) පාරිසරික ගැටළු ජල දූෂණය වායු දූෂණය ශබ්ද දූෂණය ගොඩබිම් දූෂණය රථවාහන තදබදය ඝන අපද්‍රව්‍ය ආර්ථික ගැටළු දරිද්‍රතාවය විරැකියාව ඉඩම් මිළ ඉහළයාම ඇති-නැති පරතරය වැඩිවීම අධික ජීවනබර ආදායම් ව්‍යාප්ති විෂමතාව