නේපාලයේ සිදුවූ භූ කම්පනය

පෙරේදා(25) නේපාලයේ සිදු වූ භූකම්පනයෙන් පුද්ගලයින් 3617 දෙනෙකු මියගොස් තවත් 6500 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එරට ජාතික හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
බටහිර නේපාලයේ කඳුකර ප්‍රදේශ වලට මේ වනවිට ගලවා ගැනීමේ කණ්ඩායම් ළඟා වී ඇති අතර එම ප්‍රදේශ වලින් මියගිය සහ තුවාල ලැබුවන් පිළිබඳ තවදුරටත් වාර්තා විය හැකි බව නේපාල ජාතික හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය කියයි.
නේපාලයේ සංචාරය කළ රටවල් රැසක විදේශිකයන් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැති අතර ඕස්ට්‍රේලියානුවන් 349 දෙනෙකු, කොලොම්බියානු ජාතිකයින් 07 දෙනෙකු, ප්‍රංශ ජාතිකයන් 674 දෙනෙකු සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් සිය ගණනක් පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර චීනය කොලොම්බියාව, ඉන්දියාව සහ අමෙරිකාව යන රටවල සංචාරකයින් පිරිසක් මියගොස් තිබේ.
විදුලිය විසන්ධිවීම, මාර්ග අවහිරවීම, නිවාස සහ කඩ සාප්පු වලට හානි සිදුවීම මෙන්ම ආහාර හා ජලය නොමැති වීම හේතුවෙන් නේපාලය තුළ දහස් ගණනක පිරිසක් පීඩාවට පත්ව තිබේ.
විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් මේ වන විටත් සුවිශේෂී සහන ව්‍යාපෘති රැසක් ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක අතර ඒ යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හා ගුවන් හමුදාවේ වෛද්‍යවරුන්, වෛද්‍ය සහායකයන් සහ වෛද්‍යාධාර රැගත් ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ හර්කිලස් ගුවන් යානය ඊයේ(26) නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපොලට ළගා වී ඇත.



Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ කඳු