Popular posts from this blog
ශ්‍රි ලංකාවේ නාගරීකරණය ආශ්රිත ගැටළු
ලංකාවේ නාගරීකරණය ආශ්‍රිතව ප්‍රධාන ගැටළු කිහිපයක් හඳුනා ගැනීමට හැකි අතර ඵ්වා ආර්ථික, සාමාජීය හා පාරිසරික වශයෙන් ප්‍රධාන අංශ 03 ක් යටතේ ගොනුකල හැකිය. නාගරික ප්‍රදේශයක් තුල මෙම ගැටළු වෙන්කොට හඳුනා ගැනීමට නොහැකි වන්නේ ඵකකට ඵකක් බද්ධ වූ ගැටළු රාශියක් නාගරික ප්‍රදේශ තුල වර්ධනය වී ඇති බැවිනි. සමාජීය ගැටළු ජනාවාස ගැටළු- මන්දපෝෂණය ජල හා විදුලි පහසුකම් හිඟය ජාතිවාදය හා පන්තිභේදය සෞඛ්‍ය ගැටළු සංස්කෘතික පරිහානිය සමාජ පරිහානිය (අපරාධ/ මත්ද්‍රව්‍ය/ අවිආයුධ/ ළමා අපචාර) පාරිසරික ගැටළු ජල දූෂණය වායු දූෂණය ශබ්ද දූෂණය ගොඩබිම් දූෂණය රථවාහන තදබදය ඝන අපද්‍රව්‍ය ආර්ථික ගැටළු දරිද්‍රතාවය විරැකියාව ඉඩම් මිළ ඉහළයාම ඇති-නැති පරතරය වැඩිවීම අධික ජීවනබර ආදායම් ව්‍යාප්ති විෂමතාව
ශ්‍රී ලංකාවේ කඳු
කඳු, ගස්වැල්, රූස්ස වනාන්තර, ගංගා, දිය ඇළි, සාගර, වන සතුන් සපිරි සොබා දහමක හිමිකාරිය වූ මිහිතලය සැබැවින්ම සුන්දරය. තෙරක් නොපෙනෙන මහා සාගරය මෙන්ම අහස සිඹින උස්කඳු කෙසේ නම් කවුරුන් විසින් නිර්මාණය කළේදැයි මිනිසුන් විස්මිත වූහ. ඒ නිසාම ඒවා පිළිබඳව විස්තර සෙවීමටත් ඔවුහු උනන්දු වූහ. විශේෂයෙන්ම කඳු නිර්මාණය පිළිබඳව භූ විද්‍යාඥයෝ බොහෝ කරුණු සොයා ගනු ලැබූහ. වසර ලක්ෂ ගණනක් තිස්සේ පොළොව අභ්‍යන්තරයේ සිදු වුණු නොයෙක් විපර්යාසයන්වල ප්‍රතිඵලයක් වශයෙන් කඳු නිර්මාණය වූ බවත් මේවා තවදුරටත් පරීක්ෂා කිරීමෙන් පෘථිවියේ ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණු සොයා ගත හැකි බවත් ඔවුහු පවසති. ශ්‍රී ලංකාවේ පවතින භූ විෂමතා සැලකීමේදී කඳුවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී ලංකාවේ කඳු පන්ති මෙන්ම හුදකලා කඳුද බොහෝමයක් දැකිය හැකිය. මීට අවුරුදු මිලියන 180කට පමණ පෙර ඇන්ටාක්ටිකාවත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් යන ගොඩබිම් එකට යාවී පැවතුණි. පෘථිවියේ සිදුවන භූ කාරක ක්‍රියාවලියක ප්‍රථිපලයක් ලෙස ඇන්ටාක්ටිකාවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඉහළට තල්ලු වී යන්නට විය. එහිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන ගොඩබිම් දෙකද එකිනෙකින් වෙන් වී ගියේය. මෙල...
Comments
Post a Comment