තම පුතුගේ පාසල් විදුහල්පති වරයාට ඒබ්‍රහම් ලින්කන් යැවූ ලිපිය ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා( 1861-1865) වූ ඒබ්‍රහම් ලින්කන් ලොව මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨ රාජතාන්ත්‍රිකයන් අතරින් එක් අයෙකි.මෙම ලිපිය මගින් කිසිවකුට ද්වේෂ නොකලාවූද , සියල්ලන් කෙරෙහි කාරුණික වූද පුද්ගලයකු සංකේතවත් වේ " සියලුම මිනිසුන් සාධාරණ නොවන බවත් , සියලුම මිනිසුන් අවංක නොවන බවත් ඔහුට ඉගෙන ගැනීමට තිබෙන බව මම දනිමි. එහෙත් හැම තක්කඩියෙකුටම වීරයකුත් , හැම ආත්මාර්ථකාමී දේශපාලඥයෙකුටම කැප වූ නායකයකුත් ඉන්නවාය යන කාරණයත් ඔහුට උගන්වන්න." " සෑම හතුරෙකුටම මිතුරකු ඉන්නා බව ඔහුට උගන්වන්න. ඒ සඳහා කාලයක් යන බව මම දනිමි. එහෙත් හැකිනම් ඔහුට උගන්වන්න. උපයා ගත් ඩොලරයක් අහුලාගත් ඩොලර් පහකට වඩා ඉතා වටිනා බව ඔහුට උගන්වන්න. ඔබට හැකිනම් ඊර්ෂ්‍යාවෙන් ඔහුව මුදවා ගන්න. නිහඞව සිනාසීමේ රහස ඔහුට කියාදෙන්න. වඩාම පහසුවෙන් යටත් වන්නේ චණ්ඩියන් බව ඔහුට කල් නොයවා ඉගෙනීමට ඉඩ සලස්වන්න. ඔබට හැකිනම් ඔහුට උගන්වන්න පොත්වල අසිරිය. එහෙත් අහසේ සරන සියොතුන්ගේ , හිරු එළියේ සරන විහ...